ප්‍රමුඛ පුවත 1

කුඩාවැල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV|) – තංගල්ල කුඩාවැල්ල ධීවර වරාය තුළ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද(21) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, තංගල්ල අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සැකකරු නාකුළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මෙම අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු මත වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය බෙලිඅත්ත ප්‍රදේශයේ පොල්වත්තක කාණුවක් තුළ සඟවා තිබියදී සොයා ගත බව පොලිසිය පවසයි.

යතුරුපැදිකරුවන් භාවිත කළ ආරක්ෂක හිස්වැසුම් දෙකක් ද පුළුස්සා තිබියදී සොයා ගෙන ඇති අතර ඒවා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය අද.

Mohamed Dilsad

ඝෝඨාභයගේ නිවේදනයට කාදිනල්තුමා දුන් පිළිතුර(වීඩියෝ)

Mohamed Dilsad

අලුත් ආණ්ඩුවට දින 100 ය සම්පූර්ණයි

Mohamed Dilsad

Leave a Comment