ප්‍රමුඛ පුවත 1

අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි

(UTV |කොළඹ) – මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියාකරන මුල්‍ය කාර්යය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් හෙවත් අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පැරසීයේ පැවති මුල්‍ය කාර්යය සාධක බලකා සැසිවාරයේ මුල්‍ය කාර්යය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට දී තීරණය කර ඇත.

2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රමෝපායවල දුර්වලතා සහිත රටක් ලෙස මුල්‍ය කාර්යය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙහි ලැයිස්තු ගත කරනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකාව අළු ලේඛනයෙන් ඉවත් කිරීමේ තීරණයට මුල්‍ය කාර්ය සාධක බලකායේ සියලු සාමාජිකයින් අනුමැතිය පල කර ඇති අතර මෙමඟින් ශ්‍රී ලංකාවට ආර්ථිකමය සහ මුල්‍යමය වශයෙන් හිතකර බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිගමුව ප්‍රදේශයෙන් සිම් කාඞ්පත් 1500 ක් සොයාගැනේ.

Mohamed Dilsad

ප්‍රදේශ කීපයකට පැනවූ නායයෑමේ අවධානම තවදුරටත්

Mohamed Dilsad

විජේවීරගේ බිරිඳගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment