ප්‍රමුඛ පුවත 1

තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගුයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලූ තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න පවසන්නේ ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවයි.

මෙවර තැපැල් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානවල නිලධාරීන් ද ජනාධිපතිවරණයේ ඡන්ද කටයුතු වල රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත.

ලබන මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව තැපෑලෙන් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් හය ලක්ෂ 59 දහස් 514 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු හෙට දිනයේ රාජ්‍ය ආයතනවලට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිෂන් සභාවේ ජනාධිපතිවරණ අපේක්ෂක නියෝජිත හමුවක්

Mohamed Dilsad

උසස් පෙළ ඇගයීම් කටයුතු සදහා පාසල් 27 ක් වැසෙයි

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment