ප්‍රමුඛ පුවත 1

ගුවන්තොටුපල සහ වරාය කටයුතු අඩාලවීමේ අවධානමක්

(UTV |කොළඹ) – ඉදිරි පැය 48 තුළ තම සේවා ගැටළු විසඳීමට මැදිහත් නොවුන හොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ අනුව ගුවන්තොටුපල සහ වරාය කටයුතු සම්පුර්ණයෙන් අඩාලවීමේ අවධානමක් පවතී.

ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස් .කණුගල පැවසුවේ දීර්ඝ කාලයක් තිස්සේ ආගමන විගමන සේවාවට සිදු වී ඇති අසාධාරණකම් සහ තම සේවාවේ හටගෙන ඇති බරපතල ගැටළු විසදා ගැනීමට අවස්ථා රාශියකදීම බලධාරීන්ගේ අවධානය යොමු කළ බවයි.

නමුත් ඒ සඳහා සාධනීය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන්  2018.05.18 දින ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේදී අප සේවා ගැටළු විසදීමට අදාළ බලධාරීන්ට උපදෙස් දුන් අතර පසුව අග්‍රාමාත්‍යවරයා ද මෙම ගැටළු විසදීම සඳහා කමිටුවක් ද පත් කළේය. එමගින් ද මෙම වෘත්තීය ගැටළු වලට විසඳුමක් නොලැබුණ බවද ඒ මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැතිධුරය ගැන විශේෂ ගැසට් නිවේදන දෙකක්

Mohamed Dilsad

මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ ඇමති රිෂාර්ඩ්ගේ නිරීක්‍ෂණයට

Mohamed Dilsad

රංජන්න්ගේ නඩුව විභාගයට ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment