ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයට නාම යෝජනා සමඟ වත්කම් හා බැරකම් ඉදිරිපත් කල යුතුයි

(UTV| කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගන්නා අවස්ථාවේ සියලුම අපෙක්ෂකයින් තමන්ගේ සියළුම වත්කම් හා බැරකම් ප්‍රකාශ නාම යෝජනා පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ජනාධිපතිවරණයට තරඟ කරන පක්ෂවල සහ එලෙස අපේක්ෂා කරන පක්ෂවල ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද(2) පස්වරුවේ පැවැත්වෙන අතර මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් ප්‍රධානීන්ට ද දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන යම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනය වන සේ මාර්ග දෙපස ඇති ඩිජිටල් නාමපුවරු සහ සිනමා ශාලාවල ප්‍රචාරක පට ප්‍රචාරණය මැතිවරණ නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.එවැනි ප්‍රචාරණයන් සඳහා කොන්ත්‍රාත්තුවලට එළඹීම සහ ප්‍රචාරය කිරීමද මැතිවරණ නීතියට අනුව වරදක් වන බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්වාධීන මැතිවරණය නිරීක්ෂණයක් ලබා දීමට පියවර ගන්නවා

Mohamed Dilsad

මාකොළදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

පලා ගිය මුලතිව් රැඳවියන් සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment