ප්‍රමුඛ පුවත 1

විදේශීය මත්පැන් ළඟ තබාගත හැකි උපරිම සීමාව ලීටර් 80 යි

(UTV| කොළඹ) – මුඵ දිවයිනටම බලපවත්වන පරිදි විදේශීය මත්පැන් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය කිරීම සහ ළඟ තබාගත හැකි උපරිම සීමාව ලීටර 7.5 සිට 80 දක්වා රෙගුලාසි සංශෝධනය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ පසුගිය 27 වනදා විෂයභාර අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් සුරාබදු නිවේදනය නිකුත් කර ඇති බවයි.

ඒ අනුව සුරාබදු ආඥා පනත යටතේ විදෙස් මත්පැන් වශයෙන් හඳුන්වාදී ඇති ආනයනය කරන හෝ දේශීය වශයෙන් නිපදවන විස්කි, බ්‍රැන්ඩි, ජින්, රම්, වොඩ්කා, ලිකියර්, බිටර්ස් ඇතුළු සියඵම ස්ප්‍රීතු වර්ග ද, ඒල්, ස්ටවුට්, පෝටර්, ලාගර්, ලාගර් නොවන බීර වර්ග ඇතුළු සියඵම බීර වර්ග ද, ජ්වලිත වයින් හා ඖෂධීය වයින් ඇතුළුව සියලුම මත්පැන් වර්ග මෙම සීමාවට අයත්වේ.

නව විධිවිධානයට අනුව, යම් පුද්ගලයෙකුට සද්භාවයෙන් යුතුව සිය පෞද්ගලික පරිභෝජනය සහ භාවිතය සදහා විදේශ මත්පැන් ප්‍රවාහනය කිරීම සහ ඒවා සන්තකයේ තබාගැනීමේ උපරිම සීමාව ලීටර් අසූවක් දක්වා ඉහළ නැංවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙම රජයේ පළමු විදේශ ආයෝජනය

Mohamed Dilsad

නව රජය කිසිඳු දේශපාලන පලිගැනීමක් සිදුකර නැහැ [VIDEO]

Mohamed Dilsad

දුම්රිය ධාවනයට ජී.පී.එස් තාක්ෂණය

Mohamed Dilsad

Leave a Comment