ව්‍යාපාරික

ලෝක සංචාරක දින උළෙල අද කොළඹදී

(UTV | කොළඹ) –  වඩා යහපත් අනාගතයක් උදෙසා සංචාරක සහ රැකියාවන් යන තේමාව යටතේ අද (27) කොළඹ ආකේඩ් පරිශ්‍රයේදී මෙවර ලෝක සංචාරක දිනය සමරනු ලැබේ.

සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග සහ රාජ්‍ය රංජිත් අලුවිහාරේගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී මෙම වැඩසටහන ඇරඹීමට නියමිතය.

මෙවර ලෝක සංචාරක දිනය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. එයට හේතුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නැවත ප්‍රතිශ්ඨාපනය කිරීමට මෙය උපයෝගි කර ගැනීමයි.

දෙදිනක් පුරා (27 , 28) ස්ථාන තුනකදී එනම් කොළඹ – බෙන්තොට සහ ආරුගම්බේහිදී මෙම උත්සවයන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙය නැරඹීමට පැමිණෙන ජනතාවට විවිධ පළාත් වලට ආවේණික වූ ආහාර රසවිඳීමටත් විනෝදාත්මක වැඩසටහන් නැරඹීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

Related posts

PayPal ගැන ළඟදීම සුබ ආරංචියක්

Mohamed Dilsad

ඉන්ධන මිල යළිත් පහළට

Mohamed Dilsad

තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

Mohamed Dilsad

Leave a Comment