Trending News

ආසියාවේ උසම කුළුණ විවෘත කෙරේ

(UTV-කොළඹ) -හෙට(16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ විවෘත කෙරේ.

අමෙරිකානු ඩොලර් මිලියන 104 ක් වියදමින් තැනූ මෙම කුළුණ මහල් 17 කින් යුත් මීටර් 350 ක් පමණ උසකින් සමන්විතය.

සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම්ශාලා ආදී පහසුම්වලින් නෙළුම් කුළුණ සමන්විත වන අතර 80 % ක් චීනයෙන් ණය ආධාර යටතේ ඉදිකර තිබේ.

නෙළුම් කුළුණ විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රුපියල් 45.00 ක වටිනාකමකින් යුතු නව සමරු මුද්දරයක්, සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් ද හෙට නිකුත් කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இன்றும் மழையுடன் கூடிய காலநிலை

Mohamed Dilsad

විල්පත්තු වන රක්ෂිතයේ ඉඩම් කිසිවක් නැත – වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිතයේ වටිනාකම මෙන්න

Editor O

Leave a Comment