ප්‍රමුඛ පුවත 1

ඖෂධ සදහා හදිසි ඇමතුම් අංකයක්

(UTV | කොළඹ) – පැය 24 ම ක්‍රියාත්මකවන පරිදි දිවයින පුරා හදිසි ඖෂධ සහ ජීවිතාරක්ෂක ඖෂධ අවශ්‍යතා යොමු කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වාදීමට කටයුතු කර ඇත.

ඒ අනුව 076 647 4777 අංකය ඔස්සේ හදිසි ඖෂධ සහ ජීවිතාරක්ෂක ඖෂධ අවශ්‍යතා සපුරා ගතහැක.

මීට අමතරව දිවයින පුරා පිහිටි සෞඛ්‍ය සේවා සපයන ආයතන වෙත හදිසි ඖෂධ නිකුත් කිරීම් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම සදහා ද විශේෂ ඒකකයක් ස්ථාපනය කර තිබෙන අතර , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය රූමි මොහොමඞ් මහතා කියා සිටියේ මෙරටදී ලබා හැකි සියලු ඖෂධ ගුණාත්මක භාවයෙන් ඉහළෙ තත්ත්ව පරීක්ෂාවන්ගෙන් සමත් වූ ඖෂධ යැයි සහතික වන බවයි.

Related posts

මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනිම ඇරඹේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය නිවාරණයට විශේෂ පොලිස් ඒකක

Mohamed Dilsad

‘එළිය’ සංවිධානයේ නව කාර්යාලයේ වැඩ ආරම්භ කෙරේ..

Mohamed Dilsad

Leave a Comment