ප්‍රමුඛ පුවත 1

‘එළිය’ සංවිධානයේ නව කාර්යාලයේ වැඩ ආරම්භ කෙරේ..

(UTV| කොළඹ) – ‘එළිය’ සංවිධානයේ නව කාර්යාලයේ වැඩ ආරම්භ කිරීම ඊයේ (14) උදෑසන කිරුළපන පිහිටි එම කාර්යාලයේදී සිදු කෙරිණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුවිය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සුබ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළ අතර, මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී වී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයි

Mohamed Dilsad

ජගත් පරිසර දිනයයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය වැය ශිර්ෂ කප්පාදු යෝජනාව න්‍යාය පත්‍රයට

Mohamed Dilsad

Leave a Comment