ප්‍රමුඛ පුවත 1

බිරිඳට සහ දුවට ඇසිඩ් ගැසූ පියා සොයා පරීක්‍ෂණ

(UTV| කොළඹ) –  මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ නිවසක නිදා සිටියදී ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ කාන්තාව ජීවිතක්ෂයට පත්වෙයි.

ඊයේ(14) රාත්‍රී 10.30 ට පමණ කඹුරුපිටිය පොලිස් වසමේ අමල්කා නිවස, බෝලගෙවත්ත, රත්කැකුලාව යන ලිපිනයේ පදිංචි කාන්තාවකට හා දැරියකට මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලවී ඇත.

කාන්තාවක් හා දැරියක් නිවසේ නිදා සිටිය දී නිවසට ඇතුළු වු දෙදෙනෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇති බව පොලිසිය කියයි.

පසුව තුවාලකරුවන් කඹුරුපිටිය ආඳපාන රෝහලට ඇතුළත් කර ඇති අතර, කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට මාරු කර යවා තිබේ.

පසුව ප්‍රතිකාර ලබමින් සිටි ඇය එහිදී මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 39 හැවිරිදි කාන්තාවකි.

මෘත ශරීරය මේ වන විට මාතර රෝහලේ තැන්පත් කර තිබේ.

මරණකාරියගේ ස්වාමි පුර්ෂයා මාස 5ක කාලයක් ඇගෙන් වෙන්වී සිට ඇති බවත්, මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ රාත්‍රී කාලයේ මෙලෙස පැමිණ ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවත් මේ වනවිට හෙළිව ඇත.

ඔහු සොයා පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍යාංශ හතරක විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක් හඳුන්වා දෙයි

Mohamed Dilsad

රටේ වත්මන් තත්ත්වය හමුවේ දුම්රිය, ලංගම, තෙල් අදායම පහතට.

Mohamed Dilsad

Leave a Comment