ප්‍රමුඛ පුවත 1

JMI සංවිධානයේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මෙරට තහනම් සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් හෙවත් (JMI)සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ලබාදුන් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මොවුන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළිය ප්‍ර දේශයේදි අවි පුහුණුව ලැබූ අය බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ JMI සංවිධානයේ සාමාජිකයින් කිහිපදෙනෙකුම පසුගිය දිනවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

Related posts

ජාතික ආණ්ඩු විවාදය මේ සතියෙත් නොපැවෙත්වෙන ලකුණු…

Mohamed Dilsad

ජනපති පොලිස් ප්‍රධානීන් හමුවෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගනණයට.

Mohamed Dilsad

Leave a Comment