ප්‍රමුඛ පුවත 1

ජාතික ආණ්ඩු විවාදය මේ සතියෙත් නොපැවෙත්වෙන ලකුණු…

(UTV| කොළඹ) – ජාතික ආණ්ඩු යෝජනාව පිළිබඳ විවාදය මෙම පාර්ලිමේන්තු සතිය තුළදීත් පැවැත්වීමට හැකි නොවනු ඇති බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව එම විවාදය බොහෝදුරට ඉදිරි පාර්ලිමේන්තු දිනයකදී පැවැත්වීමට සිදුවනු ඇති බවත් , ජාතික ආණ්ඩු යෝජනාව පිළිබද විවාදය පවත්වන දිනය කවදාදැයි තමන්ට මෙතෙක් අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බවත් කිරිඇල්ල මහතා කියා සිටියේය.

හෙට (20) මධ්‍යහ්න 12.00 ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බව සභානායකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් වව්නියාව ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණය කරයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයෙන් මාස 3ක් ඇතුලත සැකකරුවන් අත්අඩංගුවට ගත්තා [VIDEO]

Mohamed Dilsad

අධීක්ෂණ මන්ත්‍රී ධූර තනතුරු අහෝසි

Mohamed Dilsad

Leave a Comment