ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාගය අවසන් වන තුරු පොලීසියෙන් දැඩි ආරක්ෂාව

(UTV| කොළඹ)  – උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන අවට පැය 24  දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලීසිය විසින් පූර්ණ ආරක්ෂාවක් මේ වන විට යොදවා ඇති බව ද සඳහන් කර සිටි පොලිස් අධිකාරීවරයා, විභාගයේ ප්‍රාදේශීය එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන 32 ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන, 625 ක් තිබෙන බව ද සඳහන් කළේය.

මෙම මධ්‍යස්ථාන සියල්ලටම එක් මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරින් තිදෙනෙකු බැගින් පැය 24 පුරාම විභාගය අවසන් වන තුරු පොලිස් ආරක්ෂාව සලසා ඇතැයි ද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ සඳහා පොලිස් නිලධාරින් 1971 ක් අනුයුක්ත කර ඇති බව ද ඔහු කියා සිටියේය.

මේ අතර සෑම විභාග මධ්‍යස්ථානයක් ආසන්නයේම පොලිස් ජංගම, යතුරුපැදි හා පාමුර සංචාර ද එක් කර ඇතැයි පැවසු රුවන් ගුණසේකර මහතා, අවශ්‍ය උපරිම ආරක්ෂාව සලසා ඇති බව ද පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]C

Related posts

තලවාකැලේ පොලිසියට රටඉඳි ඵලදාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් එක් කෝටි 17 ලක්ෂයකට අධික පාඩුවක් -හිටපු සභාපතිට චෝදනා

Mohamed Dilsad

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් විරෝධතාවයේ

Mohamed Dilsad

Leave a Comment