ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් එක් කෝටි 17 ලක්ෂයකට අධික පාඩුවක් -හිටපු සභාපතිට චෝදනා

(UTV| කොළඹ) – ප්‍රංශය බලා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයක් සම්බන්ධයෙන් දුන් නියෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් එක් කෝටි 17 ලක්ෂයකට අධික පාඩුවක් සිදුව ඇති බව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හෙළි කෙරේ.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එහි ගුවන් කළමනාකරුවන්ගේ තීරණය වෙනස් කරමින් දුන් තීන්දුවක් හේතුවෙනි.

ඊයේ(15) කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් කළමනාකරුවන් දෙදෙනා පවසා ඇත්තේ මේ හේතුවෙන් ගුවන් මගීන් 128 දෙනෙකුට සිය ගමනාන්ත වැරදුණු බවයි.

ඉන් ගුවන් සමාගමේ කීර්ති නාමයට අතිවිශාල කැළලක් සිදුවූ බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකන් සහ මිහින්ලංකා ආයතනවල දූෂණ සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කළ කමිටුව හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරුවන් වන ධම්මික සේනානායක සහ ශයිලාන් නිශාන්ත හඳපාන්ගොඩ යන මහත්වරුන් විසිනි.

ගුවන් යානා දෙකක් කාර්මික දෝෂයකට ලක්වී තිබීම හේතුවෙන් කොළඹ සිට ප්‍රංශය බලා පිටත්වීමට නියමිත යානය ප්‍රමාද කිරීමට තීරණය කර තිබූ බවයි ගුවන් තොටුපලේ ගුවන් මෙහෙයුම් කළමනාකාරවරයා සාක්ෂි ලබාදෙමින් පැවසීය.

සභාපතිවරයාගේ නියෝගය අනුව අදාළ යානය නියමිත වේලාවට පිටත්කර යැවූ බව කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකාරවරයෙකු පවසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආපදා සහන කටයුතු සඳහා ගිය හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි(ඡායාරූප)

Mohamed Dilsad

රම්බා වෛරසය ගැන අවධානයෙන් සිටින්නැයි උපදෙස්

Mohamed Dilsad

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුවෙන් ජනපති නිදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment