ප්‍රමුඛ පුවත 1

රම්බා වෛරසය ගැන අවධානයෙන් සිටින්නැයි උපදෙස්

(UTV| කොළඹ) – මේ දිනවල අන්තර්ජාලය හරහා  ‘‘රම්බා’’ නමින් හඳුන්වන මෙම වෛරසයක් පැතිර යන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මෙය අන්තර්ජාලයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හරහා නොමිලේ සිදුකෙරෙන බාගත කිරීම් හරහා පරිගණක වෙත ඇතුළු වන බව එම සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා පෙන්වා දෙයි.

විද්‍යුත් තැපෑල ඔස්සේ මෙම ‘‘රම්බා’’ වෛසරය ඇතුළු විය හැකි අතර ඉන් වින්ඩෝස් 7 , 8.1 සහ 10 වැනි මෙහෙයුම් පද්ධතිවලට බාධා එල්ලවේ.

මේ නිසා පරිඝනකයේ ගබඩාකර ඇති අත්‍යවශ්‍ය දත්ත පරිඝනකයෙන් බැහැරව ගබඩ කර තබා ගන්නා ලෙසට ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය උපදෙස් ලබාදෙයි.

එවැනි සිදුවීමක් වුවහොත් කඩිනමින් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දැනුම් දෙන ලෙස තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපය සහ චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමක් [PRESS RELEASE]

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් සැසිවාරයට විශේෂ කමිටුවක්…

Mohamed Dilsad

පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය අද විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment