ප්‍රමුඛ පුවත 1

හෙට සිට ඩෙංගු මදුරු මර්දන සතියක්

(උදයම්,කොළඹ)  –  හෙට සිට දීපව්‍යාප්ත ඩෙංගු මදුරු මර්දන සතියක්  ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
හෙට සිට අප්‍රේල් මස 04 වන දා දක්වා එම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
කොළඹ, ගම්පහ, කළුතර , මාතර, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව, ත්‍රීකුණාමලය, යාපනය, කල්මුණේ, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රීක්ක ඩෙංගු අවදානම් දිස්ත්‍රීක්ක බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය   අමාත්‍යාංශය සඳහන් කළේය.
ඩෙංගු මදුරු මර්දන සතියේ ක්‍රියාත්මක වැඩසටහන් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායම් 3000ක් පමණ සහභාගී වීමට නියමිතය.
කීට විද්‍ය සමීක්ෂණවලට අනුව ආයතන, පාසල්,ඉඳිකිරීම් පරිශ්‍ර හා ආගමික ස්ථාන ඩෙංගු මදුරුවන් බෝවන අවධානම් ස්ථාන බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ගතවූ මාස තුනක පමණ කාලය තුළ ඩෙංගු රෝගීන් 24,562ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related posts

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට දින නියම කෙරේ

Mohamed Dilsad

බලය පෙන්වීමට ගිය පොහොට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරට ගෘහ සේවයේ යෙදෙන්නන්ට නිශ්චිත වැටුපක් අවශ්‍යයි.

Mohamed Dilsad

Leave a Comment