ප්‍රමුඛ පුවත 1

සරසවි සිසු විරෝධතාවයෙන් රථවාහන ධාවනයට බාධා

(උදයම්,කොළඹ)  – අන්තර් විශ්වවිද්‍යාලයීය  ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් ටවුන් හෝල් අවට අධික රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

සරසවි සිසුන් බඳවා ගැනීමේ ප්‍රතිශතය ඉහළ දමන ලෙස සහ අදාළ පුරප්පාඩු පිරවීම යන ගැටලුවලට විසදුම් ඉල්ලා මෙම පාගමන සංවිධානය කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය  ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ 2015-2016 අධ්‍යයන වර්ෂයට ජාතික විශ්වවිද්‍යාල සඳහා පුරප්පාඩු 1269ක් පවතින බවයි.

ඒවාට පැමිණීමට සිසුන් ප්‍රමාණවත්ව සිටින නිසා ආණ්ඩුව විශේෂ වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් සකස් කල යුතු බවත් සති කිහිපයක් ඇතුළත එම බඳවා ගැනීම් කළ යුතු බවත් ඔවුහු පවසති.

Related posts

අපේක්‍ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් බහුතරය නොලැබුණ හොත්?

Mohamed Dilsad

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවයට බාධා

Mohamed Dilsad

ඇමති රිෂාඩ් මන්නාරම අගරදගුරුතුමන් බැහැ දකී

Mohamed Dilsad

Leave a Comment