ප්‍රමුඛ පුවත 1

මෙරට ගෘහ සේවයේ යෙදෙන්නන්ට නිශ්චිත වැටුපක් අවශ්‍යයි.

(UTV| කොළඹ) – මෙරට නිවාසවල ගෘහ සේවයේ යෙදෙන සේවක සේවිකාවන් සඳහා නිශ්චිත වැටුප් හෝ දීමනා ක්‍රමයක් ගෘහ සේවක සංගමය විසින් හදුන්වා දී තිබේ.

ගෘහ සේවක සංගමය මගින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක නිවසක ගෘහ සේවයේ යෙ‍දෙන පිරිස සඳහා ගෙවනු ලබන වැටුප දින, පැය හා මාසික වශයෙන් වෙන් කර සකස් කර ඇත.

ඒ අනුව  නිවසක පැයක් සේවය කිරීම වෙනුවෙන් ඔවුන්ට  ලැබිය යුතු දීමනාව රුපියල්  200 ක් වන අතර පැය හතරක සේවා කාලයක් සඳහා ඔවුන් ලබා ගත යුතු දීමනාව රුපියල් 450 ක් ලෙසද පැය අටක සේවය සඳහා ලබා ගත යුතු දීමනාව රුපයල් 850 ක් ලෙසද මාසිකව වැටුප් ලබා ගන්නේ නම් මාසික වැටුප රුපියල් 25,000 ක් විය යුතු බවත් ඔවුහු තම වැටුප් නිශ්චය කර තිබේ.

කෙසේවෙතත් මෙම නිශ්චිත දීමනා හෝ වැටුප් ගෘහ සේවක සේවිකාවන් සඳහා ලැබෙන බව ස්ථිර කර ගැනීම සඳහා ගෘහ සේවක සංගමය දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඔවුන්ගේ කාර්යාල පිහිටවීම ආරම්භ කර ඇති අතර පසුගියදා එහි එක් කාරයාලයක් වවුනියාවේදී විවෘත කළ බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොස්පැළ 500,000ක් රටපුරා රෝපණය කිරීමේ වැඩ පිළිවෙළ 08 දා ඇරඹේ

Mohamed Dilsad

නිදන් සොයා කැනීම් කල කාන්තාවක් ඇතුළු පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

ජාතික වප් මගුල් උත්සවය අද ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment