ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයට ජනපති එක් වෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම නිමිත්තෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ(26) රැය පහන්වන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ.

පිරිත් දේශනය ශ්‍රවණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, කුමාර වෙල්ගම, ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතු`ථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ රැසක් මීට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

Mohamed Dilsad

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

Mohamed Dilsad

ඇතැමුන් ව්‍යවස්ථා බිල්ලෙක් මවා රට පාවාදෙනන හදනවා – ඇමති අකිල කියයි

Mohamed Dilsad

Leave a Comment