ප්‍රමුඛ පුවත 1

“පස් චමී”ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් බිරිඳත් සමඟ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – කොටුගොඩ පස් චමී නැමැත්තා වෙඩි තබා ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සහ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි අඹුසැමි යුවලක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ආගමන විගමන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ගම්පහ පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

මෙම දෙපළ ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

63 හැවිරිදි ඔස්මන් ගුණසේකර නමැත්තා සහ ඔහුගේ 53 හැවිරිදි බිරිද මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර , ගෙන ඇති අතර ජීව උණ්ඩ 46ක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බවත් වාර්තා වෙයි.

සැකකාර යුවල ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එස්.බී දිසානායක එරෙහිව ගොනු කළ අපහාස නඩුව ඉල්ලා අස්කරගැනේ

Mohamed Dilsad

කිතුල් ගස් වලින් හැර අනෙකුත් ගස් වලින් රා මැදීමට බල පත්‍ර

Mohamed Dilsad

මේ වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්..

Mohamed Dilsad

Leave a Comment