ප්‍රමුඛ පුවත 1

යාල මුහුද සිව් හැවිරිදි දියණියක් හා පියෙක් බිලිගනී

 

(UTV| කොළඹ) – –  කිරින්ද යාල මුහුදු තීරයේ දී එකම පවුලේ 04 දෙනෙකු දියේ ගසාගෙනගොස් සිදුවූ අනතුරකින් පියා සහ  සිව් හැවිරිදි දියණියක ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අනතුරට ලක්වූ මව සහ තවත් දියණියක ප්‍රදේශවාසින් විසින් බේරාගෙන ඇති අතර ඔවුන් දෙබරවැව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මෙම පිරිස සංචාරයක් සදහා නුවරඑළියේ සිට යාල ප්‍රදේශයට පැමිණ තිබෙන අතර , අද පෙරවරුවේ මුහුදු තීරය නැරඹීමට ගිය අවස්ථාවේදී එකවරම පැමිණි මුහුදු රළකට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

කිරින්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

Related posts

උතුරු දුම්රිය මාර්ගය මාස 08 කට වැසෙයි..

Mohamed Dilsad

අගමැති ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

ඇවන්ගාඩ් සිද්ධියේ නියෝගය ලබන මස ප්‍රකාශයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment