ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

(උදයම්,කළුතර)  – කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාර එල්ල කර සමයන් ඇතුළු 7 දෙනකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවකු සෙල්ලකතරගම දී අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමටද මොහු සම්බන්ධ බවත් සෙල්ලකතරගම ප්‍රදේශයේ සැඟවී සිටියදී මොහු සොයාගනු ලැබූ බවත් පොලිසිය පවසයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ නියෝගයක් මත ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔත්තු බැලීමේ යෙදුණු පුද්ගලයකු හා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට ආරක්ෂාව සැලසූ ගාල්ලේ කාන්තාවක් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිති.

Related posts

උසස් පෙළ ප්‍රතිඵල නත්තලෙන් පසු

Mohamed Dilsad

හෙටත් කොළඹට වතුර නෑ

Mohamed Dilsad

යුරෝපියන් විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment