ප්‍රමුඛ පුවත 1

ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුවට රාජ්‍යතාන්ත්‍රික විසදුම්

(උදයම්,ඉන්දියාව)  –  ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් විසඳාගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පවසයි.
දකුණූ ඉන්දීය ධීවර නියෝජිතයින් පිරිසක්, තමා මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරිය මුණගැසුණු අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.
මේ වන විට දකුණු ඉන්දීය ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍යවරිය පවසයි.
ශ්‍රී ලංකා අත්අඩංගුවට පත් වන ඉන්දීය ධීවරයින් සහ බෝට්ටු නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ද දෙරටේ බලධාරීන් අතර අවධානය යොමු වී තිබේ.
ඉන්දීය ධීවරයෙකු ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතු කිරීම සඳහා දෙරටේම ධීවරයින්ට පාරම්පරික අයිතියක් පවතින බව එම ධීවර නියෝජිතයින් සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවේ ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට පැය 09 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

එජාප අපේක්‍ෂකත්ව අර්බුධය විසඳන තවත් සාකච්ඡාවක් ළඟදීම

Mohamed Dilsad

ලාංකිකයන්ට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment