විදෙස්

හිටපු දකුණු කොරියානු ජනාධිපතිනියගෙන් දූෂණ විමර්ශන අංශය ප්‍රශ්න කරයි

(උදයම්,දකුණු කොරියාව)  – බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනාධිපති පාක් ගුන් හයිගෙන් කොරියානු දූෂණ විමර්ශන අංශය ඊයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කරයි.

ඇයගේ පාලන සමයේ සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඇයගෙන් පැය 14ක කාළයක් ප්‍රකාශ ලබාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම චෝදනාව සඳහා දකුණු කොරියානු හිටපු ජනපතිනිය අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කළ යුතු ද නැද්ද යන්න පිළිබදව මේ වන තුරුත් විමර්ශන කණ්ඩායම් අවසන් නිගමනකට එළඹී නොමැත.

දකුණු කොරියාවේ ප්‍රථම ජනපතිනිය මෙන්ම දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු ප්‍රථම නායිකාව වන පාක් ගුන් හයි අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පසුගිය දා දකුණු කොරියාවේ උද්ඝෝෂණ රැසක් ක්‍රියාත්මක වුණා.

Related posts

මැතිවරණය ජය ගත් ඉම්රාන් ඛාන් සන්ධාන ගත වීමට සාකච්ඡාවේ

Mohamed Dilsad

ඉන්දියාවේ අභ්‍යන්තර මගී ගුවන් ගමන් යළි ඇරඹීමට පියවර

Mohamed Dilsad

ඊශ්‍රායල් – හමාස් යුද්ධය ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment