ප්‍රමුඛ පුවත 1

අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති වෙනස් වෙයි

(UTV| කොළඹ)  – ජාතින් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්ෂාවට බාධා වන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම පිළිබඳව දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති වෙනස් කිරීමට ඊයේ කැබිනට් අනුමැතිය හිමිවුණි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුවය.

ඒ මගින් යෝජනා කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමය.

එහිදී ජාතින් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්ෂාවට බාධා වන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරිම පිළිබඳව වැරදි කරුවෙකුවන තැනැත්තකුට රුපියල් දස ලක්ෂය දක්වා දඩ මුදලක් හෝ වසර 05 කට නොවැඩි සිර දඬුවමක් නියම කළ හැක.

මේ අතර වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ද දඬුවම් කළ හැකි පරිදි නීති වෙනස් කිරීමට අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර  තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රන් මිල පහළට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ඔක්තෝබර් මස නිකුත් වේ.

Mohamed Dilsad

Leave a Comment