ප්‍රමුඛ පුවත 1

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකා සංචාරයකට සුදානම්

(UTV| කොළඹ) –  ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන්දියාවේ සංචාරයකින් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සංචාරයට එක් වන බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජුනි 24 වන දා සිට 30 වන දා දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඇතුළත් ආසියා – පැසිෆික් කලාපීය සංචාරයේ නිරත වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ඔහු ලබන 24 වන දා ඉන්දියාවට පැමිණෙන අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.

ඉන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණ දේශපාලන නායකයන් මුණ ගැසෙනු ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රේණිගත කරයි – ලෝක බැංකුව

Mohamed Dilsad

පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය කල විදේශීකයන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment