ප්‍රමුඛ පුවත 1

රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය කල විදේශීකයන් 3ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදි ධාවනය කල විදේශීය සැකකරුවන් තිදෙනෙකු කොටවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන ඇති අතර පසුව ඔවුන්ට දඩ නියම කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.

ඒ අනුව එක විදේශිකයෙකුට රුපියල් පන්දහස බැගින් තිදෙනාටම මෙම මුදල ගෙවීමට නියෝග කරන ලදී.

එලෙසම රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට වාහනයක් ලබා දීමේ වරදට වරදකරු වූ කැකනදුර සහ මිරිස්ස ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනාට රුපියල් හාරදහස බැගින් දඩ මුදල් ගෙවන ලෙස නියෝග කර තිබේ.

මෙලෙස වරද පිළිගෙන ඇත්තේ  29, 36, 33 හැවිරිදි විදේශිකයන් තිදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ව්‍යාජ ඩොලර් නෝට්ටු ජාවාරමක්

Mohamed Dilsad

විල්පත්තු වන රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබාදී නෑ – ජනපති

Mohamed Dilsad

2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරිම අද

Mohamed Dilsad

Leave a Comment