ප්‍රමුඛ පුවත 1

ජනපති විරෝධය මැද අද යළිත් විශේෂ තේරීම් කාරකසභාව රැස්වේ

(UTV| කොළඹ)  – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස්වේ.

ඒ අනුව අද(11) පස්වරු 2 ට එහි වැඩබලන සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වීමට නියමිතයි.

අද තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කැඳවා තිබේ.

තවද සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මවුලවිතුමන් සහ කාන්තන්කුඩි මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ද කැදවා ඇති බව වාර්තාවේ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පසුගිය බ්‍රහස්පතින්දා තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

පල්ලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

ශ්‍රීලනිප, පොහොට්ටුව සන්ධානගත වීම සජිත්ට බලපෑමක් නෑ – එජාප [VIDEO]

Mohamed Dilsad

Leave a Comment