ප්‍රමුඛ පුවත 1

අගමැති සහ විපක්‍ෂ නායකගෙන් රාමසාන් දිනයට සුබපැතුම්

(UTV| කොළඹ)  – ඉස්ලාම් දහම තුළ පවතින අධ්‍යාත්මික හර පද්ධතිය මෙන්ම මානව හා සමාජ වටිනාකම් මැනවින් හඳුනාගැනීමට රාමසාන් උත්සවය කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍යවරයා රාමසාන් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ජාති ආගම් භේදයෙන් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව මව්බිම අභිවෘද්ධිය කරා ගෙන යාමට සහ නිදහස, සමානාත්මතාව රජයන සමාජයක් ගොඩනැංවීමට සියලුදෙනා කැපවිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද රාමසාන් වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් සියලු මුස්ලිම් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ශුද්ධ වූ අල් කුරානයේ ඉගැන්වීම් සහ නබිතුමන්ගේ මග පෙන්වීම් සිහියට ගෙන අතීතයේ සිට අනුගමනය කළ සහජීවන ප්‍රතිපත්තියට තව තවත් කැපවී ක්‍රියා කරන ලෙසටයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියලේ අගය ස්ථාවර වේ

Mohamed Dilsad

රටේ සම්පත් ආරක්ෂා කරන්න වහා පියවර ගන්න – ඇමති රිෂාඩ් රජයට අනතුරු අඟවයි(වීඩියෝ)

Mohamed Dilsad

එජපා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment