ප්‍රමුඛ පුවත 1

එජපා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්න සුදානම්

(UTV|බණ්ඩාරවෙල) – පොලිස් නිලධාරියෙකුට පහරදුන් බව කියන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලිසිය කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

ඊයේ (10) රාත‍්‍රියේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසළ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකුට පහර දී තිබු බවට වාර්තා විය.

පොලිස් නිලධාරියා පැමිණි ජීප් රථය, මන්ත‍්‍රීවරයා පැමිණි ජීප් රථය පසුකර යාම හේතුවෙන් ඇති වූ බහින් බස්වීමකින් පසුව මෙම පහර දීම සිදුව ඇති බවද පැවසේ.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප‍්‍රතිකාර සඳහා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබේ.

පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා විසින් පහරදුන් බව පවසමින් චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයාගේ රියදුරා ද දියතලාව රෝහලට ඇතුළත් වී තිබේ.

කිසියම් මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්නේ නම්, මන්ත‍්‍රී වරප‍්‍රසාද යටතේ කථානායකවරයා දැනුවත් කළ යුතු වන අතර ,ඒ අනුවයි බණ්ඩාරවෙල පොලිසිය, කථානායකවරයා වෙත අදාළ දැනුම් දීම සිදු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට රැස්වීමට නියමිතව තිබූ එජාප රැස්වීම කල් දමයි

Mohamed Dilsad

එජාපය බහුතරයක් ලබා ගැනීමට සන්ධානයක් ලෙස තරඟ බිමට [VIDEO]

Mohamed Dilsad

විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට විජයකලාට අවසර

Mohamed Dilsad

Leave a Comment