ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධනයට අදාළ සුවිශේෂී ගිවිසුම් තුනකට එළඹීමට ජනපති සහ චීනය සූදානම්

(UTV|චීනය)  – චීනය ශ්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 03කට එරට එක් දින නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන රජය අද දිනයේ දී අත්සන් තැබීමට නියමිතය.

වසරක් පාසා වැඩිම සංචාරකයන් පිරිසක් චීනයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකාවේ විශාලම ආයෝජන අවස්ථාවන් ද චීනය මඟින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම ගිවිසුම් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා අතර පැවති නිල හමුවේ දී 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ සියලු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබෙන ආරක්ෂක විධිවිධාන පිළිබඳ විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය.

මේ අතර ජනාධිපතිවරයා කළ විශේෂ ඉල්ලීමක් පරිදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ජීප් රථ 100ක් වහාම ශ්‍රී ලංකාවට ලබාදීමට ද චීන රජය එකඟතාවය පළ කර තිබේ.

මීට අමතරව චීනයේ බීජිං නගරයේ දී හෙට පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී ජනාධිපතිවරයා රට තුළ පවතින වත්මන් තත්ත්වය සහ රටේ අනාගතය වෙනුවෙන් ගන්නා වූ සුබවාදී තීරණ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ පැහැදිලි කරනු ඇත.

රාජ්‍ය නායකයා ලෙස, පසුගියදා රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කරමින් තිබෙන පරිසරයක ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කිරීමට නියමිතය.

අන්තවාදී කණ්ඩායම්වල පටු අරමුණුවලට ඉඩක් නොතබා නීතිය තදින් ක්‍රියාත්මක කරමින්, රටේ සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු තින්දු තීරණ ජනාධිපතිතුමා විසින් ගෙන තිබෙන අතර එම වගකීම් තවදුරටත් ඉදිරියට ගෙන යාමට ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරින්ට බලය පවරා ඇති තත්ත්වය ද ජනාධිපතිතුමා මෙහි දී ලෝක නායකයන් හමුවේ පැහැදිලි කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ47ක් වටිනා මත්ද්‍රව්‍ය කටුනායකදී අල්ලයි

Mohamed Dilsad

මධ්‍යම කඳුකර ප්‍රදේශවල සුළං වේගය ඉහළට

Mohamed Dilsad

වසා දැමු කැළණිය විශ්වවිද්‍යාලයේ පීඨ හෙට විවෘත වේ.

Mohamed Dilsad

Leave a Comment