විදෙස්

ට්‍රම්ප් පැනවූ දෙවෙනි තහනමටද අධිකරණ වාරණයක්

(උදයම්,ඇමෙරිකාව) –  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ දෙවෙනි තහනමද එරට අධිකරණය විසින් අභියෝගයට ලක් කර තිබේ.හවායි හි මධ්‍යම අධිකරණ විනිසුරුවරයෙකු විසින් මෙවර වාරණය පනවා ඇත.

මීට අමතරව තවත් ප්‍රාන්ත අධිකරණ කිහිපයකද ජනපති ට්‍රම්ප්ගේ සංක්‍රමණික තහනමට එරෙහි පෙත්සම් අද විභාග කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන රටවල් හයකින් සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණීම වළක්වමින් පැනවූ මෙම දෙවන සංචාරක තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූණි. නමුත් මෙම අධිකරණ තීන්දුවත් සමග එය වැළකී යනු ඇත.

Related posts

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි තවත් දරුණු අතට

Mohamed Dilsad

ජෙරුසෙලමේ යෝජනාව පරාජය කිරීමට ඇමරිකාව නිශේධ බලය යොදයි

Mohamed Dilsad

IS සංවිධානයට සම්බන්ධ එකසිය පනහකට වැඩි පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment