ප්‍රමුඛ පුවත 1

කොත්මලේ රිය අනතුරකින් එකම පවුලේ 3කු මරුට

(UTV|මහනුවර) – කොත්මලේ නව නගරය ආසන්නයේ ඇති ගැරඩිඇල්ල ඔයට මෝටර් රථයක් පෙරළීමෙන් එකම පවුලේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ(23) පස්වරුවේ මෙම මෝටර් රථය අනතුරට ලක්ව ඇත.

රියැදුරට වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.

කොත්මලේ නව නගරය ආසන්නයේ ඇති ආයුර්වේද රෝහලට ගොස් නැවත පැමිණෙන අතරවාරයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

රෝහල්ගත වී සිටි සිය බිරිඳ බැලීමට ගිය ඇයගේ ස්වාමි පුරුෂයා ත්, මව ත්, පියා ත් මෙලසෙ අනතුරට ලක්ව ඇත.

මිය ගොස් ඇත්තේ, ගම්පොළ ගලටකැකුලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් කොත්මලේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රජයේ සේවකයින් පිරිසක් අද විරෝධතාවයක

Mohamed Dilsad

ජනපති ජාතිය ඇමතීමට සුදානම්

Mohamed Dilsad

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුම හෙට අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment