ප්‍රමුඛ පුවත 1

ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි

(උදයම්,කොළඹ)  – හදිසියේ ම ඩෙංගු රෝගය සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගතයුතු කඩිනම් කි‍්‍රයාමාර්ග පිළිබඳ ව සාකච්ඡා කිරීමට ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධන බළකාය වහාම කැඳවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි අද (16) දිනයේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතය.

2017 වසරේ මේ දක්වා (මැයි 15) මෙරට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 44,623 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මරණ 115ක් සිදු ව ඇත.

2014 වසරේදී ඩෙංගු රෝගීන් 47,246ක් ද, ඩෙංගු මරණ 97 ක් ද, වාර්තා වූ අතර එම තත්ත්වය 2015 වසරේ දී රෝගීන් 29,777 ක් සහ ඩෙංගු මරණ 60 දක්වා අඩු කර ගැනීමට සෞඛ්‍ය සහ රෝග නිවාරණ අංශ සමත් විය. නැවතත් 2016 වසරේදී ඩෙංගු රෝගයේ වර්ධනයක් පෙන්නුම් කරමින් රෝගීන් 55,150 දක්වාත් මරණ සංඛ්‍යාව 90 දක්වාත් වර්ධනය වී තිබුණි.

එසේම රෝගීන් සහ මදුරු කීටයන් පිළිබඳ ආවේක්ෂණ දත්තවලට අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, පුත්තලම, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්ක අධි අවධානම් දිස්ත‍්‍රික්ක ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ.

මෙම බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩෙංගු ව්‍යාප්තිය උපරිම මට්ටමින් පාලනය කිරීමට ගතයුතු කඩිනම් පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

තවත් දුම්රිය සේවකයින් පිරිසක් වර්ජනයේ

Mohamed Dilsad

වැල්ලම්පිටිය තඹ කම්හලේ අබ්දුල්ලා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ඉන්දීය ජනරජ දිනයට ජනපතිගෙන් සුභ පැතුම්

Mohamed Dilsad

Leave a Comment