ප්‍රමුඛ පුවත 1

මංගල සමරවීර මහතා බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් හමුවෙයි

(උදයම්,කොළඹ ) – බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එරට විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් බොරිස් ජොන්සන් මහතා හමුවෙයි.

 

ලන්ඩන්හි බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයේදී මෙම හමුව සිදුවු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 

දෙරට අතර වෙළෙදාම හා ආයෝජන කටයුතු තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

 

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව අත්කර ගනිමින් සිටින ප්‍රගතිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී බ්‍රිතාන්‍යය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Related posts

හොඳම පාසල වැඩසටහන යටතේ රුපියල් මිලියන 2,700ක් පාසල් පද්ධතියට මුදාහැරේ

Mohamed Dilsad

අධ්‍යාපනය පිළිබදව ජාතික ප්‍රතිපත්තිය සදහා වූ යෝජනා ජනපතිට

Mohamed Dilsad

බස් ගාස්තුද වැඩි වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment