ප්‍රමුඛ පුවත 1

මංගල සමරවීර මහතා බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් හමුවෙයි

(උදයම්,කොළඹ ) – බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එරට විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් බොරිස් ජොන්සන් මහතා හමුවෙයි.

 

ලන්ඩන්හි බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයේදී මෙම හමුව සිදුවු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 

දෙරට අතර වෙළෙදාම හා ආයෝජන කටයුතු තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

 

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව අත්කර ගනිමින් සිටින ප්‍රගතිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී බ්‍රිතාන්‍යය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Related posts

පූජ්‍ය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමි අපවත් වෙති

Mohamed Dilsad

විපක්ෂ නායක ධූරය ගැන තීන්දුව හෙට දිනයේදී [VIDEO]

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment