ප්‍රමුඛ පුවත 1

කොකේන් කිලෝග්‍රෑම් 765ක් අද විනාශ කෙරේ

(UTV| කොළඹ) – මේ වන විට අත්අඩංගුවේ ඇති කොකේන් කිලෝග්‍රෑම් 765 කට අධික ප්‍රමාණයක් අද ප්‍රසිද්ධියේ විනාශ කෙරේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේය.  

මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීති විරෝධි මත්ද්‍රව්‍ය තොග එලෙස විනාශ කරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සපුගස්කන්ද ගබඩා සංකීර්ණයකදී දියර බවට පත්කර පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේදී පුළුස්සා දැමීමට නියමිතය.

මීට පෙර 2018 වසරේ ජනවාරි 15 වැනි දා  කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 920 ක් ප්‍රසිද්ධියේ විනාශ කරන ලදී.

2016 වසරේ දෙසැම්බර් 09 වැනි දා කොළඹ වරායට පැමිණි නෞකාවක තිබියදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයක් එලෙස විනාශ කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද හිමී නාම ලේඛනයට නම් ඇතුළත් කිරිමේ වෙනසක් – මැතිවරණ කොමිසම

Mohamed Dilsad

රන්ජන්ගේ නඩුවට දින නියමවේ

Mohamed Dilsad

බ්‍රිගේඩියර්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර පොලීසියට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment