ප්‍රමුඛ පුවත 1

ජනපති කෙන්යා ජනපති හමුවෙයි

(UTV| කොළඹ) –  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ පැවැත්වුණි.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට එක්වී සිටින ජනාධිපතිවරයා සමුළුවේ හතරවන සැසිවාරය ඉතා සාර්ථක අන්දමින් සංවිධානය කර තිබීම පිළිබඳ සිය සතුට පළ කර තිබේ.

ජනාධිපතිවරයා සමුළුවේදී ගත් තීන්දු තීරණ ඉදිරියට ක්‍රියාවට නැංවීම සඳහා සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව උපරිමයෙන් කැපවී කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මෙහිදී පවසා  ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මෙම සංචාරයත් සමඟ දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉදිරියේ දී වඩාත් පුළුල් වනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රසීල ජාතික කාන්තාවක කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

“රට වෙනුවෙන් එකට සිටිමු“ වැඩසටහනේ සිව්වැන්න අද මුලතිව්හිදී

Mohamed Dilsad

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලියාපදිංචිය හෙට ආරම්භ වේ

Mohamed Dilsad

Leave a Comment