ප්‍රමුඛ පුවත 1

ජනපති අද එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව ඇමතීමට සුදානම්

(UTV| කොළඹ) –  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙන්යාවේ නයිරෝබි අගනුවරට ළගා වෙයි.

ඊයේ ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිවයිනෙන් පිටත්ව ගියේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගීවිම සදහාය.

ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස නයිරෝබි අගනුවර පිහිටි ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් එරටට ළඟාවී ඇත.

එහිදී එරට විදේශ කටයුතු පරිපාලන ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා මහත් හරිසරින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව සමුළුවේ ප්‍රධාන රැස්වීම අද (14) ආරම්භ වන අතර අද දහවල් ජනාධිපතිවරයා සමුළුව අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික ආණ්ඩු යෝජනාව 20 වැනිදා පාර්ලිමේන්තුවට..

Mohamed Dilsad

සීනිවල ආනයනික පිරිවැය තවදුරටත් අඩුවෙයි

Mohamed Dilsad

තමන් දුන් අභියෝගය පොහොට්ටුවේ කිසිවෙකු භාර ගෙන නෑ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment