දේශීයප්‍රමුඛ පුවත 1

සුවවූ නාවික සෙබලුන් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 07 දෙනෙකු රෝහල් වෙතින් මුදා හැර තිබේ.

ඊයේ (24) දිනයේදී වරින් වර සිදු කල පීසීආර් පරීක්ෂණ ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා ඔවුන් රෝහල් වෙතින් මුදා හැර ඇත.

මෙම 07 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින්ගෙන් 300 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.

Related posts

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

සිපෙට්කෝ යළි තෙල්වලින් පිරෙයි

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 22 ක ආධාර

Mohamed Dilsad

Leave a Comment