Trending News

වියළි කාලගණයෙන් පුද්ගලයින් දොළොස් ලක්ෂයක් පීඩාවට

(උදයම්,කොළඹ) – පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දොලොස් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරන අමාත්‍යංශය පවසයි. මෙම වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17 කට බලපෑම් එල්ලවී ඇත.

පවුල් තුන්ලක්ෂ 20,461ට අයත් පුද්ගලයින් දොලොස් ලක්ෂ 23,568 දෙනෙකු මෙලෙස පීඩාව පත්ව ඇති බව ආපදා කලමනාකරන අමාත්‍යංශයේ වාර්තා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම පානීය ජල ගැටළුවට මුහුණ පා ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ පහ හමාර ඉක්මවයි.

ත්‍රිකුණාමලය, කළුතර, ගම්පහ, හම්බන්තොට, අනුරාධපුර, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, රත්නපුරය, කෑගල්ල,කුරුණෑගල, පුත්තලම සහ මහනුවර යන දිස්ත්‍රික්ක 13ට පානීය ජල ගැටළුව සෘජුවම බලපා ඇති බව ආපදා කළමනාකරන අමාත්‍යංශය පෙන්වා දෙයි.

විශේෂයෙන් භූගත ජලය අඩුවීමත් සමග මුහුදු ජලය, ජල මුලාශ්‍රවලට එකතුවීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන් පානීය ජලය බෙදා හැරීමේ කටයුතුවලදී කළුතර දිස්ත්‍රික්කය සඳහා වැඩි අවධානයක් යොමු කරනු ඇත.

Related posts

Over 3000 refugees have left for Sri Lanka since 2015

Mohamed Dilsad

குற்றப் புலனாய்வு பிரிவு அதிகாரிகளால் நேவி சம்பத் கைது

Mohamed Dilsad

කොටස් වෙළෙඳපොළ අද දිනයේත් දරුණු කඩා වැටීමක

Editor O

Leave a Comment