ප්‍රමුඛ පුවත 1

මිහින්තලේ පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගත තරුණයින් යළි රිමාන්ඩ්

(UTV| අනුරාධපුරය) – මිහින්තලා පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර  දාගැබක් මත නැග ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ ලබන 21 වනදා දක්වාය.

මෙම සැකකරුවන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ හමුවට අද ඉදිරිපත් කෙරුණි.

එහිදී ඊට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

එමෙන්ම ඡායාරූප ලබාගෙන ඇති චෛත්‍ය පිහිටි භූමිය පිළිබඳ පුරාවිද්‍යා වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර සහකාර පුරාවිද්‍යා කොමසාරිස්වරයාට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත.

මුතූර් ප්‍රදේශයේ පදිංචි 18 සහ  20 හැවිරිදි මෙම තරුණයින් දෙදෙනා ඊයේ උදෑසන මෙලෙස දාගැබ මත නැග ඡායාරූප ගැනීමේදීයි පුරාවිද්‍යා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාර දෙනු ලැබීය.

නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු මෙම චෝදනාවට ලක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රත්නපුරට ජාත්‍යන්තර මැණික් වෙළඳපොළක් – ගෝඨා [VIDEO]

Mohamed Dilsad

අධි මාත්‍රා මත් පෙති තොගයක් සොයා ගනී

Mohamed Dilsad

සාපෙළ පිළිතුරු ඇගයීම් කටයුතු යළි ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment