Trending News

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

(උදයම,කොළඹ) – ජාත්‍යන්තර කාන්තා දිනය (08)  අදයි.

මෙරට ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද මාතර දිස්ත්‍රික්කයේ සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

“තුන්කල් දකින්නී- සවියෙන් දිනන්නී” යන්න මෙවර තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අතර ජාතික උත්සවය සඳහා කාන්තාවන් 1500ක් ඇතුළු 2000ක් පමණ පිරිසක් සහභාගි වීමට නියමිතය.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පසුගිය 01 වැනි දා සිට වැඩසටහන් රැසක් ආරම්භ කර තිබේ. ජාතික කාන්තා දිනය වෙනුවෙන් 01 වැනිදා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම කාන්තා හඩ අවදි කිරීම වෙනුවෙන් පා ගමන් පැවති අතර ප්‍රධාන පා ගමන කොළඹ නෙළුම් පොකුණ රඟහල භූමියේ සිට විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි.

මාතර පොලිස් ළමා හා කාන්තා ඒකකය පිහිටුවීම, කාන්තා හිතකාමී ගම්මානයක් පිහිටුවීම, මාතර උත්සව භූමියේ ඊයේ (7) ආරම්භ වූ  දෙදින කාන්තා නිෂ්පාදන හා අළෙවි පොළ අද දින ද පැවැත්වේ.

සුවනාරී සෞඛ්‍ය වැඩසටහන, හෙළ බොජුන් හලක් ඉදිකිරීමට කටයුතු කිරීම යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක ක්‍රියාත්මක කෙරේ.

Related posts

Lanka IOC increases fuel prices

Mohamed Dilsad

Sri Lankan scientist Malik Peiris elected to US academy

Mohamed Dilsad

நீர்கொழும்பு மீனவருக்கு கோடி ரூபா அதிஷ்டம்

Mohamed Dilsad

Leave a Comment