ප්‍රමුඛ පුවත 1

කැබ් රියක් දුම්රියක ගැටෙයි

(UTV| කොළඹ) – කුරුණෑගල ,වැල්ලව දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබයි.

අද(22) අලූයම මෙමෙ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

හිරිපිටියේ සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක්, ත්‍රිකුණාමලය සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙහිදී කැබ් රථයේ  ගමන් ගත් පුද්ගලයන් 5 දෙනාම තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ පිරිස අතර යුද හමුදා මේජර්වරයෙකු ද සිටින බවද වාර්තාවේ.

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ සංඥා නිකුත් කර තිබු බවත් රියදුරුට නින්ද යාම  නිසා මෙම අනතුර සිදුව ඇති බවත් අනාවරණය වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞදි පොදු සමා කාලය ජූලි 23 දක්වා දීර්ඝ කෙරේ

Mohamed Dilsad

උත්තරදේවි දුම්රියේ නව බලවේග කට්ටලය අද ජනතා අයිතියට..

Mohamed Dilsad

තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි මුල සිට බලාත්මකයි

Mohamed Dilsad

Leave a Comment