ප්‍රමුඛ පුවත 1

සෞදි පොදු සමා කාලය ජූලි 23 දක්වා දීර්ඝ කෙරේ

(උදයම්,කොළඹ)   –  රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා මාස 3ක පොදු සමාකාලයක් ප‍්‍රකාශයට පත් කර එම පොදු සමා කාලය 2017 ජූලි 23 දක්වා දීර්ඝ කිරීමට සෞදි රජය තීරණය කර තිබෙන බව සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය දන්වා සිටින බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

2017 මාර්තු මස 21 වන දින සිට 2017 ජූනි මස 25 වන දින දක්වා එම කාල සීමාව හඳුන්වා දී තිබුණු අතර මෙම කාල සීමාව තුල එරට රැඳී සිටි ලාංකිකයින් 4500කට ආසන්න ප‍්‍රමාණයක් සඳහා ගමන් බලපත‍්‍ර නිකුත් කොට තිබේ.

තවදුරටත් සෞදියේ නීතිවිරෝධීව රැදී සිටින්නන් වෙනුවෙන් මෙම පොදු සමා කාලය දීර්ඝ තිබෙන අතර පෙර පරිදිම නීති රීති අදාළ බව සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය දන්වා සිටී.එනම් මෙම කාලසීමාව ළ එරටින් පිට නොවී තවදුරටත් රැඳී සිටින්නේ නම් එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දඩ මුදලකටද යටත් කර නැවත එරටට පැමිණිය නොහැකි ලෙස පිටුවහල් කරීමයි.

සෞදි අරාබියේ සේවය කරන ලාංකිකයින්ගේ ඥාතීන්ගෙන් සෞදියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ තමන්ගේ ඥාතීන් නීතිවිරෝධී අයුරින් එරට රැඳී සිටින්නේ නම් ශ‍්‍රී ලංකාවට පැමිණීම සඳහා ඔවුන්ව දැනුවත් කරන ලෙසයි. පොදු සමාකාලය තුළ සෞදි අරාබියෙන් පිටව යන ශ‍්‍රමිකයින්ට නැවතත් සෞදි අරාබියට නීත්‍යානුකූල ලෙස පැමිණිය හැකි බව ශ‍්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා ප‍්‍රකාශ කරයි.

Related posts

නව නිවාඩු 03 ක් ගැසට් කරයි

Mohamed Dilsad

ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වූ ජාත්‍යන්තර සමුළුව අද

Mohamed Dilsad

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ – යුනෙස්කෝ සභාපති

Mohamed Dilsad

Leave a Comment