ප්‍රමුඛ පුවත 1

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ – යුනෙස්කෝ සභාපති

(UTV| කොළඹ) – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටු සාමාජික සහ මෙරට සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපතිවරයා, මහින්ද රාජපක්ෂ සමයේ සිදුකළ අත්තනෝමතික ක්‍රියාකාරකම්වල ප්‍රතිවිපාක මේ වන විට භුක්තිවිදීමට සිදු වී ඇති බව  පැවසී ය.

යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශ නොසළකා හරිමින් ගාලු කොටු පවුර ලෝක උරුම සීමාවේ අනවසර ලෙස ඉදිකර ඇති ක්‍රීඩාගාරය ක්‍රමානුකූලව  ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය දැනුම් දී ඇති බව ද පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා අත්තනෝමතික ක්‍රියාකාරකම් සිදු කළ කණ්ඩායම් විසින් ම  මෙම ඉදිකිරීම් ඉවත්කිරීමට එරෙහිව සහ වෙනත් අසත්‍ය තොරතුරු පතුරවමින් ජනතාව නොමඟ යවමින් සිටීම කණගාටුදායක තත්වයක් බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කරයි

Mohamed Dilsad

එජාප රැළිය හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්

Mohamed Dilsad

මඩකළපුවෙන් තහනම් ධීවර දැල් 106 ක් සොයා ගැනේ.

Mohamed Dilsad

Leave a Comment