ප්‍රමුඛ පුවත 1

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් යයි

(UTV| කොළඹ) – අද පැවැත්වීමට නියමිතව තිබු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් තබා තිබේ.

පසුගිය 21 වැනි දා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව ගත් තීරණයක් මත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳවා තිබුණි.

අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් රුවන් විජේවර්ධන කමිටු වාර්තාව පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට එහිදී යෝජනා කර තිබුණි.

මේ අනුව අද පස්වරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට සැලසුම් කර තිබුන ද එය පසුදිනක පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ජේ. සි. අලවතුවල මහතා අප කළ විමසීමකදී පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිකඩ රැඳවියෝ විරෝධතාව අවසන් කරති

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ප්‍රවීන රංගන ශිල්පීනී දිපානි සිල්වා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment