ප්‍රමුඛ පුවත 1

එජාපය පාදයාත්‍රාවට සුදානම්

(UTV| කොළඹ) – ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීම සඳහා සංවිධාන කෙරෙන ‘‘යුක්තියේ හඬ’’ පාද යාත‍්‍රාව ලබන මස පළමු වැනිදා කොළඹින් ආරම්භ කෙරෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා..

“කොළඹ නගර ශාලා පරිශ්‍රයෙන් ආරම්භ කෙරෙන පාද යාත්‍රාව මොරටුව, පානදුර, අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, මාතර, සහ දෙවුන්දර දක්වා…කතරගම දක්වාත් ඉන් අනතුරුව නුවර දක්වාත් මෙම පාද යාත්‍රාව ගමන් කරනවා. පසුව අනුරාධපුරය දක්වාත් සංවිධානය කරලා තියෙනවා. මේ හරහා අපි මුලු රටම පෙළ ගස්වනවා. මේ ගමනේ අවසානේ රටේ සියලු ජන බලවේග ඒකරාශි කරලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කොළඹ අවසන් මෙහෙයුමක් කළ යුතුව පවතිනවා.”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීගහතැන්නේ යතුරුපැදි අනතුරකින් යුවලක් මිය යති

Mohamed Dilsad

ඡන්ද හිමි නාමලේඛනය නිකුත් කිරීම කල් යයි

Mohamed Dilsad

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ පීඨය යළි විවෘත වේ

Mohamed Dilsad

Leave a Comment