ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ පත්කල කොමිසමේ වාර්තා අද ජනපතිට

(UTV| කොළඹ) – රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව නිවැරදි කිරීම සඳහා පත් කළ කොමිෂන් සභා වාර්තාව අද (28) පෙරවරු ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව බව එම කොමිසමේ සභාපති එස්. රනුග්ගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ පවතින වැටුප් ගැටලුව නිරාකරණය කිරීම සඳහා පසුගිය අගෝස්තු මස 20 වන දින ජනාධිපති විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබුවාය.

සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතාත් ලේකම්වරයා ලෙස එච්.ජී සුමනසිංහ මහතා කටයුතු කරති.

දුම්රිය, තැපැල්, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර වල වැටුප් ව්‍යුහයන්හි පවතින විෂමතා ඉවත් කිරීමට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමට පැවරුණු ප්‍රධාන වගකීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම සහ මුලතිව් බස්නැවතුම්පොළට මුල්ගල තැබේ

Mohamed Dilsad

අවුරුදු සමයේ රතිඤ්ඤා භාවිතයේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

Mohamed Dilsad

සාමන්‍ය පෙළ විභාගයට නව විෂයන් එක් වෙයිද?

Mohamed Dilsad

Leave a Comment