ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරණයට පැමීණෙයි

(UTV| කොළඹ) UPDATE – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමීණි බව අප වාර්තාකරු පැවසීය.

(UTV| කොළඹ) – තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා තමන් අද (28) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (27) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබු නමුත් ඔහු එහි පෙනි සිටියේ නොමැත.

ඊයේ (27) දිනයට යෙදී තිබූ මහවිරු දිනය නිසා උතුර – නැගෙනහිර ප්‍රදේශවල නිරීක්ෂණ කටයුතුවලට තමන් එක්ව සිටි බව හෙතෙම මෙ පිළිබඳව හේතු දක්වමීන් සඳහන් කළේය.

එසේම සැප්තැම්බර් 10 වනදා ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණද එදින නොපැමිණියේ මෙක්සිකෝවේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව යාම හේතුවෙනි.

මීට පෙර අවස්ථා 03 කදී අධිකරණය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව නියෝග නිකුත් කර තිබු අතර, එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනිමට තරම් සාක්ෂි පවතින බවය.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය 02 වනදා නියෝග කළේය.

Related posts

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හරී

Mohamed Dilsad

දුම්රිය වෘත්තීය සමිති අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

දකුණු ආසියානු වෛද්‍ය සංගමයේ තුන්වන සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment